පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට

May 24, 2026   11:48 am

නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු සහ සැකකාරියක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) සවස අම්පාර පොලිස් වසමේ ගල්මඩුව ප්‍රදේශයේදී අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබුණි.

එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග ඔවුන් සතුව තිබූ කැණීම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 වියේ පසුවූ සැකකරුවෙකු සහ 48 හැවිරිදි  සැකකාරියකි.

ඔවුන් ගල්මඩුව හා හිඟුරාණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධ අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.