‍ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට සැලසුම් 

‍ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට සැලසුම් 

May 24, 2026   08:19 am

ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අනුරාධපුර, නාච්චදූව ගොවි ජනපදය මෙලෙස ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.

මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ 25,000ක් වේ.

කෙසේවෙතත් දේශීයව ලොකු ලූනු නිෂ්පාදනය සිදුවන්නේ මෙට්‍රික්ටොන් 50,000ක් පමණක් බවට වාර්තා වෙයි.

මෙම වර්ෂය තුළ දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එ අනුව ගුණාත්මක ලොකු ලූනු බීජ නිෂ්පාදනය කර බීජ ආනයනයට වැයවන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

එහි සමාරම්භක උත්සවය හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පී. සිසිර කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.