නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

May 24, 2026   07:50 am

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ අද (24) පෙරවරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් යාවත්කාලීන කළ බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම, අගලවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස දන්වාද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.