මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූවිද්‍යාඥයෙක් අත්අඩංගුවට
May 15, 2026 01:46 pm
රුපියල් මිලියන 108ක් වටිනා 'කොකේන්' මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම මත්ද්‍රව්‍ය හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන ඇති බව සඳහන්ය.
මෙම සැකකරු 60 හැවිරිදි වියෙහි පසුවන ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.
සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත.
එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 664 දරන ගුවන් යානයෙන් අද (15) දින උදෑසන 10.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02ක් තුළ සූක්ෂම ලෙස සගවා, මෙම
'කොකේන්' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 150ක් රැගෙනවිත් ඇත.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගීයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
