තලවකැලේ - නුවරඑළිය ප්රධාන මාර්ගයේ අධික වැසි
May 13, 2026 09:33 am
තලවකැලේ - නුවරඑළිය ප්රධාන මාර්ගයේ අද (13) දින අලුයම සිට අධික වැසි සමඟ ඝණ මීදුම් තත්ත්වයක් පවතී.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ සිදුව ඇති බව 'අද දෙරණ' වාර්තාකරු පවසයි.
මේ අතර හැටන්-නුවරඑළිය ප්රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල ද මෙම ඝණ මීදුම් තත්ත්වයක් පවතී.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
