ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී
May 8, 2026 09:01 am
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය.
කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියේය.
කෙසේ නමුත් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (7) නියෝගයක් නිකුත් කර තිබුණි.
