සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 06ක ජයක්
April 25, 2026 07:46 pm
සාන්ත පීතර විද්‍යාලය සමඟ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජයගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 231කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 232ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 41.3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
මෙම වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවැත්වුණේ 52 වන වරටය.
