මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවකට පැමිණි තරුණයෝ
April 24, 2026 06:33 pm
තරුණයන් පිරිසක් අද (24) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
ඒ, පසුගිය දිනවල මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමිනි.
එමෙන්ම මෙම සිද්ධියට වගකිව යුතු මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු ලෙසට ද ඔවුන් එහිදී අවධාරණය කළහ.
