දිට්වා නිසා ආපදාවට ලක් වූ දේපළවලට වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්
April 13, 2026 09:42 pm
දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
මෙහිදී ආපදාවට ලක්වූ ස්ථාන ප්‍රධාන වශයෙන් අධි අවදානම්, මධ්‍ය අවදානම් හා අඩු අවදානම් වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කර තිබේ.
ඉන් අනතුරුව එම අධි අවදානම් කාණ්ඩය යටතේ අදාළ නිවාස තවදුරටත් ප්‍රමුඛතාව 1, ප්‍රමුඛතාව 2 සහ ප්‍රමුඛතාව 3 යනුවෙන් අනු කාණ්ඩවලට වෙන් කරනු ලැබේ.
වන්දි ගෙවීම මෙම ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
අධි අවදානම් කලාපයට ඇතුළත්ව සිටින සියලු දෙනා නැවත පදිංචි කළ ද රජය විසින් ලබාදෙනු ප්‍රතිපාදන කාර්යක්ෂමව ලබාදීමට මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
ඔබ අයත්වන ප්‍රමුඛතාව කුමක්දැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැනගත හැකිය.
යම් භූමි පරිශ්‍රයක් එකවර පරීක්ෂා කර වාර්තාවක් ලබාදුන්න ද ප්‍රමුඛතා අනුපිළිවෙලට වන්දි ගෙවනු ලබයි.
ඒ හේතුවෙන් ඔබගේ අසල්වැසියාට මුදල් ප්‍රතිපාදන වෙන් වූවත්, ඔබට පළමු වාරයේදී ප්‍රතිපාදන නොලැබිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
