අලුත් අවුරුද්දට මෙට්‍රික් ටොන් 7,000ක ලාෆ්ස් ගෑස් නැවක්
April 6, 2026 05:19 pm
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ ගෑස් තොගය රැගත් රැගත් 'ඇන්ඩෝවර්' (ANDOVER) නෞකාව හම්බන්තොට ලාෆ්ස් පර්යන්තය වෙත සාර්ථකව සේන්දු වී ඇති බවය.
ඒ අනුව ගෑස් සිලින්ඩර් පිරවීම සහ බෙදාහැරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර, දිවයිනේ සෑම ප්රදේශයකටම කාර්යක්ෂමව ගෑස් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වේ.
මෙම ගෑස් තොගය ලොව පිළිගත් සහ විශ්වාසදායක බලශක්ති සැපයුම්කරුවෙකු වන නෙදර්ලන්තයේ 'SHV Energy' සමාගමෙන් ලබාගෙන තිබේ.
