ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි 

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි 

April 3, 2026   11:59 am

සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවය. 

කුමක් කළ යුතුදැයි නව රෙජිමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. 

අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙයි. 

මේ අතර ටෙහෙරානය සහ කරජ් නගරය යා කරන පාලමක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන් තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.