ඉහළ යන බොරතෙල් මිල ලොව පුරා ගුවන් ගමන්වලටත් බලපායි?
March 12, 2026 03:22 pm
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගෝලීය ප්‍රවාහන ක්ෂේත්රය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ගුවන් සේවා සමාගම්වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇත.
විශේෂයෙන්ම බොරතෙල් මිලට වඩා වේගයෙන් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල ඉහළ යාම මෙම තත්ත්වය තව තවත් තිව්ර කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ආරම්භ කර ඇති යුදමය වාතාවරණය හමුවේ Refining Margins පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ගුවන් සමාගම් රැසක් දැනටමත් සිය ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට, අමතර ඉන්ධන අධිභාර (Fuel Surcharges) පැනවීමට සහ ගුවන් ගමන් වාර සීමා කිරීමට පියවර ගනිමින් සිටී.
මීට පෙර ඉන්ධන මිල උච්චාවචනය වීමෙන් ආරක්ෂා වීම සඳහා 'හෙජිං' (Hedging) ගිවිසුම්වලට එළැඹි සමාගම්වලට පවා පවතින අසාමාන්‍ය මිල ඉහළ යාම හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු වී ඇත.
