header logo
Vallibel FD
උණුසුම් පුවත්
අකුරේගොඩ වෙඩික්කරුගෙන් තවත් තොරතුරු රැසක් එළියට
Feb 23, 202612:30 PM
අකුරේගොඩ වෙඩික්කරුගෙන් තවත් තොරතුරු රැසක් එළියට
Mobitel 1278

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගියදා නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවන් දෙදෙනා ලැඟුම්හල් වෙත රැගෙන ආ කොට්ටාවේ පදිංචි ජනක නැමැත්තෙක්ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පැවසුවේ විදෙස්ගතව සිටින ''මල්වානේ ටුටූ'' නැමැති අපරාධකරුගේ උපදෙස් මත වෙඩික්කරුවන් ලැඟුම්හල් වෙත රැගෙනවිත් ඇත්තේ මෙම පුද්ගලයා බවය.

මෙම සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් වෙඩික්කරුවන්ට ලැඟුම්හල් වෙත නැවතී සිටීමට පහසුකම් සලසා දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන මෙම සැකකරු මල්වානේ ටුටූගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයෙක් ලෙසටත් හඳුනාගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැනුණු කොට්ටාවේ ජනක සමඟ මේ දක්වා අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවේ පසු වේ.

එමෙන්ම අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සුනිල් රංජිත් නම් වෙඩික්කරුද ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.

තමා යුද හමුදාවේ සිටි අවදියේ කරන්දෙණියේ සුද්දා හඳුනාගත් බව ද සැකකරු පවසා ඇත.

එවක කරන්දෙණියේ සුද්දාත් යුද හමුදාවේ පාඨමාලාවක් හදාරමින් සිට ඇත.

පසුව යුද හමුදාවෙන් ඉවත් වූ තමා සොරකම්වල නිරත වී ජීවත් වූ බවත්, එක් අවස්ථාවක සොරකමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත වූ බවත් වෙඩික්කරු පවසා තිබේ.

එම කාලයේදීම හිත හොඳ දොස්තර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණියේ සුද්දාත් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති අතර පසුව දෙදෙනා හිතවත් වී ඇති බව ද වාර්තා වේ.

පසුව ඇප ලබා පිටතට පැමිණි පසු සිය දියණිය වැඩිවියට පත්ව සිටීම හේතුවෙන් තමා රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් කරන්දෙණියේ සුද්දාගෙන් ඉල්ලා ගත් බව නීතිඥ ඝාතනයේ සැකකාර වෙඩික්කරු පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අවස්ථා රැසකදීම සුද්දා තමාට හෙරොයින් ලබාදුන් බවය.

සති කිහිපයකට පෙර කරන්දෙණියේ සුද්දා තමා අමතා ''ලෝයර් බුද්ධික මල්ලවආරච්චි දැන් මගේ නඩු කතාකරන්නේ නැහැ. ලොකුපැටීගේ නඩු තමයි කතාකරන්නේ. ඒ නිසා එයාට ගහන්න ඕනේ" යැයි පැවසූ බව සැකකාර වෙඩික්කරු පොලිසියට පවසා ඇත.

ඒ අනුව නීතිඥවරයා පමණක් නොව ඔහුගේ බිරිඳත් ඝාතනය කරන ලෙසට කරන්දෙණියේ සුද්දා තමාට උපදෙස් දුන් බව ද ඔහු අනාවරණ කර තිබේ.

ඒ අනුව ප්‍රහාරය දියත් කෙරුණු බවත්, වෙඩි තැබීමට යාමට පෙරත් තමා හෙරොයින් පානය කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා සහ රියදුරු එකිනෙකා නොහඳුනන අතර එබැවින් වෙඩික්කරුවන් පැමිණි සහ පලාගිය මෝටර් රථයේ රියදුරු කවුදැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

ඔවුන් දිවයිනේ ප්‍රදේශ 3ක සිට පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරයි.

එමෙන්ම ද්විත්ව ඝාතනයෙන් පසු ඊට යොදාගත් ගිනිඅවි වෙනත් වාහනයට මාරු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු පොලිසියට පවසා ඇත්තේ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනයෙන් පසු මෝටර් රථයෙන්ම කොට්ටාවට පැමිණි තමා එතැනින් බැස, බස් රථයකින් දෙහිවලට ගොස් පසුව අම්බලන්ගොඩට පැමිණි බවය.

පසුව තමා කරන්දෙණියේ සුද්දා අමතා සැඟවී සිටින්නේ කොහේදැයි ඇසූ විට '' හරි තැනක් නැහැ. කොහේටහරි වෙලා හිටපන්.'' යැයි සුද්දා පැවසූ බව වෙඩික්කරු පොලිසියට හෙළි කර තිබේ.

ඔහු අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසට පැමිණ, එම නිවසට යාබඳ කුරුඳු වගාවේ වැඩකරමින් සිට ඇත්තේ ඒ අනුවය.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැකකාර වෙඩික්කරු දින 90ක් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්