විදේශ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 

විදේශ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 

February 5, 2026   07:22 am

නීතිවිරෝධී ලෙස ගුවන් මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 18 සහ 42 යන වයස්වල පසුවන ඉහළ කොට්ටාරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය නිවේදනය කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී දුම්වැටි 57,200ක් සහිත කාටුන් 286ක් සොයාගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.