තැන තැන සිදුවන මාරක අනතුරු
December 7, 2025 11:20 am
එරාවුර් සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
එරාවුර්, වත්තර හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මිරාකේනි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මේ අතර මොරොන්තුඩුව, කුරුන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබු පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
