ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 23ක් මරුට
December 7, 2025 06:37 am
ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර මියගිය පිරිසෙන් බහුතරයක් සමාජ ශාලාවේ කාර්යය මණ්ඩලය බවය.
ගින්න හේතුවෙන් සමාජ ශාලාවට පැමිණ සිටි සංචාරකයින් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.
ගින්නෙන් පුද්ගලයින් 50ක පමණ පිරිසක් ද තුවාල ලබා තිබේ.
ගින්න හටගත් අවස්ථාවේ එහි විශාල පිරිසක් රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
