header logo
Vallibel FD
උණුසුම් පුවත්
''සේවා සැපයීමේදී සියලු ආයතන අතර සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි''
Dec 06, 202508:09 PM
''සේවා සැපයීමේදී සියලු ආයතන අතර සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි''
Mobitel 1278

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දම ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක, පවුල් 5501ක පුද්ගලයන් 11,804ක් ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින අතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 44ක පුද්ගලයන් 4113ක් රැඳී සිටි.

නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618කි.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලිය, ජල සැපයුම, සන්නිවේදන සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සහ ආපදාවෙන් බලපෑමට ලක්වූ වගා බිම් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් මෙහිදී විමසා බැලීය.

ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16ක් කැඩී ගොස් තිබු බවත් එයින් මාර්ග 12ක් පිළිසකර කර ජනතාවගේ ගමනා ගමනයට විවෘත කර ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර වත්තේගම - කන්දේගෙදර, උකුවෙල - ඇල්කඩුව, මොරගහකන්ද - වැල්ලවල, රත්තොට - ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ගද කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19ක කොටසක් පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ විදුලි සබඳතා 58ක් බිඳ වැටී තිබෙන අතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කර 92%කට පමණ විදුලිය ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් ප්‍රවේශ මාර්ග අවහිර වීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල, උකුවෙල, යටවත්ත, පැල්ලේපොල, මාතලේ ආදි ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ පෙන්වා දුන්හ.

එමෙන්ම දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු ජල සැපයුම යථාවත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බව අනාවරණය විය.

ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ ජනාධිපතිවරයා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් පවතින බාධාවන් ඉවත් කර එම ජනතාවට කඩිනමින් ජල සැපයූම ලබා දීමට උපදෙස් දුන්නේය.

විදුලිය, ජලය හෝ සන්නිවේදනය ආදී ඕනෑම පහසුකමක් ජනතාවට සැපයීමේදී තම තොරතුරු ප්‍රධාන කාර්යාලයට යවා නිහඩව සිටීමෙන් ඵලක් නොවන අතර ඊට අදාළ ආයතන සමග නිරන්තර සම්බන්ධතාවයෙන් තම සේවාව කඩිනමින් ජනතාවට ලබා දීමට කැපවීම නිලධාරීන්ගේ වගකීම බවද අවධාරණය කළේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ සන්නිවේදන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම පහසුකම් හිමි විය යුතු ප්‍රදේශ නිසි ලෙස හඳුනා ගනිමින් එම සේවාව සැපයීමට කටයුතු කිරීම සන්නිවේදන සේවා සපයන සියලු ආයතනවල වගකීම බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම ආපදාවට ලක්වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති පිළිසකර කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දඹුල්ල රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරමින් එය වඩා පහසුකම් සහිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය විධිමත් සැලැස්මක් සහ ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ පාසල් දෙසැම්බර් 16 වනදා වන විට හැකිතරම් විවෘත කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවට ලක් වූ පාසල්වල දරුවන් ආසන්න පාසල් වෙත යොමු කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසද අධ්‍යාපන නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එහිදී ආපදා සහිත පාසල්වල දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති වාරි පද්ධති සහ ජලාශ කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරීම, ආපදාවට ලක් වූ භෝග වගාවන් සහ සත්ව ගොවිපොළ යළි ආරම්භ කිරීම, ආපදාව හේතුකොට ගෙන ධාවනය නොවන බස් රථ සේවා යළි ඇරඹිම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්