header logo
Vallibel FD
උණුසුම් පුවත්
''හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට''
Dec 06, 202506:21 PM
''හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට''
Mobitel 1278

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වයෙන් ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන 343න් 156ක්ම අක්‍රිය තත්ත්වයට පත්වූ බවය.

විශේෂයෙන් මෙ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බව ද සුසිල් රණසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජල සම්පාදන සේවකයින්ගේ කැපවීම හේතුවෙන් හානි සිදු වූ ජල සැපයුම් පද්ධතිවලින් සියයට 90ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා

''අපි දන්නවා මේ සිද්ධ වෙච්චි ආපදාවත් සමඟ අපේ රටේ දිස්ත්‍රික්ක විසිපහේම පාහේ ජල සම්පාදන කටයුතු අඩාල වුණා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය ගත්තහම සීයට සීයක් ජල සම්පාදන කටයුතු අඩාල වුණා. ජල සම්පාදන මණ්ඩලය සතුව තියෙනවා ජල පිරිපහදු මධ්‍යස්ථාන තුන්සිය හතළිස් තුනක්. මේ ජල පිරිපහදු මධ්‍යස්ථාන තුන්සිය හතළිස් තුනෙන් එකසිය පනස් හයක්ම සම්පූර්ණ අක්‍රීය තත්වයට පත් වුණා. ආපදාවට ලක් වුණා. ජල සම්පාදන කටයුතු කරගන්න බැරුව ගියා. එතනින් පස්සේ මේ වෙනකොට නැවත ජල සම්පාදන කටයුතුවලින් සීයට අනූවකට වැඩි ප්‍රමාණයක් නැවත සකස් කරලා ජනතාවට ජල සම්පාදන කටයුතු ලබාදෙන්න. ජල සම්පාදනය ලබා දෙන්න. පානීය ජලය ලබා දෙන්න, ජල සම්පාදන මණ්ඩලය සහ ඒ සේවකයන් කටයුතු කරලා තියෙනවා.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දැක්වූ කැපවීම, ඔවුන් අනාරක්ෂිත ප්‍රදේශවලට, සමහරවිට බෝට්ටුවලින් ගිහිල්ලා, සමහරවිට වතුරේ ගිලිලා, ඒ තැන්වලට ළඟා වෙලා, මඩේ, වතුරේ දිවා රෑ නොබලා, මහන්සි වෙලා, කැපවීම් කරලා තමයි මේ සේවාව නැවත ලබාදීමට කටයුතු කරේ. සමහර සේවකයෝ සේවය කරන්නේ වෙන දිස්ත්‍රික්කයක නමුත් මේ ආපදාවට ලක්වුණු දිස්ත්‍රික්කයකවලට ඔවුන් ගියා. ඔවුන්ගේ ස්වකැමැත්තෙන්. ඒ වගේම විශේෂත්වය තමයි ඔවුන් අමතර දීමනා කිසිවක් නැතුව ස්වේච්චාවෙන් තමයි ඉදිරිපත් වෙලා මේ වැඩ කටයුත්ත කරේ. ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ බොහෝ දෙනෙක් තවමත් ඉල්ලුම් කරනවා. ඔවුනුත් එන්නම්. ඔවුන් සහභාගි වෙන්නම් යන්න කියලා. එතරම් කැපවීමක් එතරම් උනන්දුවක් ඔවුන්ගේ තිබෙනවා. මේ ආපදාවට ලක් වෙච්ච, බිඳ වැටිච්ච, ජල සම්පාදන කටයුතු නැවත ආරම්භ කරන්න. ඒ නිසා මං අමාත්‍යවරයා විදිහට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න කැමතියි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට විශේෂයෙන්ම තාක්ෂණික සේවකයන්ට මේ දක්වපු කැපකිරීම.

මේ දක්වපු දායකත්වය මේ ඔවුන්ගේ මහන්සිය සඳහා මගේ විශේෂ ස්තූතිය කරන්න කැමතියි. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විදුලිබල මණ්ඩලය, මාස්ටර් ඩයිවර්ස් වැනි ආයතන ඒ වගේම ස්වේච්ඡා සංවිධාන, ගම්මු, ප්‍රදේශවාසීන් සියලු දෙනා විශේෂ සහයෝගයක් ලබා දුන්නා මේ ජල සම්පාදන කටයුතු නැවත ස්ථාපනය කරන්න. අපි බලාපොරොත්තු වෙනවා නොබෝ දිනකින්ම සීයට සීයක් ජල සම්පාදන කටයුතු නැවත ස්ථාපිත කරන්න අපේ රටේ. දැනට ඉතුරුවෙලා තිබෙන ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයේ ජල සම්පාදන කටයුතු කරන්න බැරි තරමට හානි වෙලා තිබෙනවා. සමහර නළ පද්ධති කිලෝමීටර් දෙකක් යනකම් හානි වෙලා තිබෙනවා. සමහර ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථානවලට විදුලි බලය නැහැ. බොහෝ ස්ථානවලට යන්න පාරවල් තාම නැහැ. ඒ නිසා ඒ අසීරුතාවය නිසා මේ ප්‍රමාද වෙනවා මිස, ජල සම්පාදන සේවකයන්ගේ කැපවීම අගය කරන්න ඕනේ. ඔවුන් සූදානමින් ඉන්නවා මේවා නැවත ප්‍රතිස්ථාපනය කරන්න.''
.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana