අස්වැසුම ප්රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
December 2, 2025 01:17 pm
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබූ කාලය රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවය.
ඒ අනුව සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්රතිලාභ ලබන සහ නොලබන පවුල් සහ තැනැත්තන් සිට තොරතුරු යථාවත් කිරීම සඳහා එම කාලසීම තුළ පියවර ගන්නා ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
