ගංවතුරේ සිරවී සිටි විදේශිකයින් 21 දෙනෙක් බේරාගනී
December 2, 2025 11:42 am
නුවරඑළිය ප්රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන තිබේ.
ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇත.
