header logo
Vallibel FD
උණුසුම් පුවත්
2026 දී අලුත් නිවසක් ලැබෙන පිරිස මෙන්න
Nov 07, 202505:18 PM
2026 දී අලුත් නිවසක් ලැබෙන පිරිස මෙන්න
Mobitel 1278

නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්‍රවේශයකට අනුව නිවාස සංර්වධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

"හිසට සෙවනක් කියන්නේ හිතට නිවනක් කියලයි සෑම පුරවැසියෙක්ම විශ්වාස කරන්නේ, තරාතිරමක් නැතිව සෑම මිනිසෙකුටම ජීවත් වීමට සුදුසු නිවහනක් තිබීම මූලිකමිනිස් අයිතිවාසිකමක් වෙනවා" යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

නිවසක් වෙනුවෙන් ජීවිත කාලය පුරාම අපමාණ දුක්විඳින, සුසුම් හෙලන මිනිස්සු මේ රටේ ඉන්නවා. අපේ රටේ පුරවැසි ජීවිතවලට සැනසිල්ලක් රැගෙන එන බලාපොරොත්තුව ඇතිව, නිවසක සිහිනය සැබෑ කිරීමේ කටයුත්ත ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිවාස ගැටලු පැන නැගීමට කරුණුණු රැසක් බලපාන බවත්, ඒ අතරේ දරිද්‍රතාවය, ප්‍රමාණවත් ආදායමක් නොලැබීම, ඉඩම් හිඟකම, ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම, සංක්‍රමණය, අවිධිමත් නාගරීකරණය, අවතැන් වීම්, සහ ස්වභාවික ව්‍යසන ආදී හේතු රැසක් පවතින බවද ජනාධිපතිවරයා පැවසීය.

අඩු ආදායම්ලාභීන් හා නාගරීකරණ හේතුවෙන් ඇති වූ නිවාස ගැටලු විසඳීම

අඩු අදායම්ලාහී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000ක් මධ්‍යකාලීනව ඉදිකිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200ට අමතරව තවත් මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුර්නජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆගසන් මාවත,ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරිම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන්කර තිබෙනවා.

චීන රජයේ ආධාර යටතේ මොරටුව, පෑළියගොඩ, දෙමටගොඩ, මහරගම, සහ කොට්ටාව යන ස්ථානවල නිවාස 1,996ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500ක් දැනටමත් වෙන් කර තිබෙනවා. එම නිවාස අතුරින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා ද නිවාස ලබා දීමට කටයුතු කරනවා.

රජය විසින් ඉදිකරන ලද පැරණි මහල් නිවාස සංකීර්ණවල තත්ත්වය ඉතා කනගාටුදායක වන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,180ක් වෙන් කර තිබෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ග සංවධනය සඳහා බාධාවක්ව පවතින අනවසර පදිංචිකරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 840ක් වෙන් කර තිබෙනවා.

මලයගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම

ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2,000ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4,290ක් වෙන් කර තිබෙනවා. තවද, ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1,305ක් වෙන් කර තිබේ.

ස්වභාවික ව්‍යසන නිසා අවතැන් වූ ජනතාව සඳහා නිවාස ලබාදීම

නායයාම හා අනෙකුත් පාරිසරික හේතු මත අවදානම් ප්‍රදේශවල ජීවත්වෙන ග්‍රාමීය හා වතු ආශ්‍රිත පවුල් ඒකක 9,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එම පවුල් ඒකක සඳහා ඉදිරි වසර 3 තුළ, ආරක්ෂිත නිවාස ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වසරේ පවුල් 1,200ක් සඳහා නිවාස ඉදිකිරීමට දැනට වෙත්කොට තිබෙන මිලියන 1,000ක මුදලට අමතරව අතිරේක රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කිරිමට යෝජනා කරනවා.

අභ්‍යන්තර අවතැන් වූ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීම

උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5,000ක් දක්වා වැඩි කරනවා.

නැවත සමාජගත වීම සහ ළමා රැකවරණය වෙනුවෙන් නිවාස ආධාර

2025 අයවැය මඟින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙමින්, ළමා රැඳවුම් නිවාසවල හැදීවැඩුණු තරුණ තරුණියන්ට ස්ථාවර සහ ආරක්‍ෂිත නිවසක් සාදා ගැනීමට ප්‍රදානයක් ලබා දීමෙන් ඔවුන්ගේ ජිවිත නැවතගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් අප නව ගමනක් ආරම්භ කරනු ලැබුවා.

මෙම මුලපිරීම තවත් ශක්තිමත් කරමින් තම ජිවිතයේ ඕනෑම අවධියක ළමා රැඳවුම් නිවාසවල ජිවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02ක මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට අප යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්