header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ මාරාන්තික මෙහෙයුම
Oct 31, 202503:55 PM
බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ මාරාන්තික මෙහෙයුම
Mobitel 1278

බ්‍රසීලයේ ප්‍රාන්තයක් මෙන්ම ප්‍රධාන නගරයක් ලෙසින් ද හඳුන්වන රියෝ ද ජැනයිරෝ නුවර, අපරාධ කල්ලි මැඬලීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

රියෝ ප්‍රාන්ත පොලීසිය පවසන්නේ මෙම මෙහෙයුම මාස 2ක් පුරා සැලසුම් කළ බවය.

කෙසේ වෙතත් එම මෙහෙයුමේදී පොලීසියට අපරාධ කල්ලි වෙතින් දැඩි ප්‍රතිරෝධයක් ද එල්ල විය.

එහිදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබීය.

එමෙන්ම මෙම දැවැන්ත පොලිස් මෙහෙයුමේදී අපරාධ කල්ලි සාමාජිකයන් බව පවසන සිවිල් වැසියන් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මියගිය පිරිස මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලිවල සාමාජිකයන් බව පොලීසිය අවධාරණය කර තිබේ.

මේ අතර බ්‍රසීල ජනාධිපති ලූලාත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි තුළින් පොලිසිය සහ සාමකාමි බ්‍රසීල පුරවැසියන් අවදානමකට ලක්නොවිය යුතු බවය.

කෙසේවෙතත් පොලිසිය පැමිණියේ ඔවුන් මරා දැමීමට මිස මෙහෙයුමක් සිදු කිරීමට නොවන බව ද මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කර ඇත.

ඒ පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය බ්‍රසීල රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම මෙහෙයුම බ්‍රසීල ඉතිහාසයේ දරුණුතම පොලිස් මෙහෙයුම ලෙසද සැලකේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ රියෝ නගරයේ පොලිස් මෙහෙයුමෙන් මියගිය තම නෑ හිතවතුන්ගේ සිරුරු හඳුනාගැනීම සඳහා, ජනයා නගරයේ මෘත ශරීරාගාර අසල පෙළ ගැසී සිටි බවය.

බ්‍රසීලයේ අපරාධකල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම මෑත කාලීනව බිහි වූ සෑම රජයකටම අභියෝගයක් බවට පත්විය.

ජනාධිපති ලූලා ඩා සිල්වාගේ වර්තමාන බ්‍රසීල රජයටත් ඒ තත්ත්වය එලෙසින්ම බලපා ඇත.

කෙසේ වෙතත් දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය සමුළුව නොවැම්බර් 10 වැනිදා සිට 21 දක්වා බ්‍රසීලයේ දී පැවැත්වෙන අතර එයට ලොවපුරා රටවල නායකයින් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

එය උතුරු බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරය අභියස බෙලෙම්හිදී පැවැත්වුණේ ඊට සහභාගි වන විදේශීය නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් රියෝ නුවරටත් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට පෙර අපරාධ කල්ලි මැඬලීමේ මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව බ්‍රසීල පොලිසිය සඳහන් කර සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට