
නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන නිලධාරියෙකු අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ පැමිණිලිකරුට නිවසක් ලබාගැනීමට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් අනුමත රු.1,000,000/-ක ආධාර මුදලේ පළමු අදියර වශයෙන් ලැබී ඇති අතර ඉන් රු.150,000ක මුදල, පැමිණිලිකරු ලබාගත් අවස්ථාවේ දී නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පැමිණිලිකරුට ආධාර මුදලේ ඉතිරි මුදල ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට උදව් කරන බව පවසා රු.25,000/- මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇත.
එම මුදල සැප්තැම්බර් මස 15 වන දින අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වූ පළවන සැකකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස නිලධාරී ගරුසිංහගේ සුරංග ප්‍රසාද් සෝමසිරි යන අයට ලබාගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් අද දින මෙම සැකකරු වන නිශාන්ත ජයවර්ධන යන අයව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







































