
සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අද (19) එල්ල වී ඇති මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් පවසා තිබුණ ද එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැත.

















































