
යුරෝපා කොමිසම ඉන්දියාව සමග ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා නව උපායමාර්ගික ක්‍රමවේද එළිදක්වා තිබේ.
එමගින් දෙපාර්ශ්වය අතර වෙළඳාම, තාක්ෂණය, ආරක්ෂක සබඳතා සහ දේශගුණික විපර්යාස දක්වා ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙනු ඇත.
මෙම නව න්‍යාය පත්‍රය පිළිබඳ නිවේදනය කරමින් යුරෝපීය කොමිසම පෙන්වා දෙන්නේ සාමූහික අවශ්‍යතා මත පදනම් වූ හවුල්කාරිත්වයන් දෙගුණ කිරීමට කාලය එළඹ ඇති බවය.
ඒ අනුව ඉන්දු - යුරෝපා උපාය මාර්ගික සබඳතා ඊළඟ මට්ටම දක්වා ගෙන යමින් සිටින බවද පෙන්වා දෙයි.
මෙම වසර අවසානය වනවිට ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා එළඹීමට අවශ්‍ය කටයුතු අවසන් කිරීමට ද යුරෝපා කොමිසම සූදානමින් සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම යුරෝපය දැනටමත් ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවටද පත්වෙමින් තිබේ.

















































