
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම තිබියදී හමුව තිබේ.
මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි ඒමලි පෙල්ටොනන් නම් එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ දේහයයි.
ඔහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම දිවිනසාගෙන ඇති බවට විශ්වාස කෙරේ.
උද්ගතවූ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ සියලු නිල කාර්යාල වසා දැමීමට නියෝග කර තිබේ.

















































