මාස 8ක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි
August 11, 2025 09:17 pm
වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වසරේ පළමු දින සිට අද (11) දිනය දක්වා කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුම් තුළින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඒ අනුව හොරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 39,627ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 47,615ක් සහ ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 42,620ක් දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම මෙහෙයුම් මගින් සමස්තයක් ලෙස මේ දක්වා හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක ප්‍රමාණයක්ද සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවය.
තවද මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්ධව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 118 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය ඇතුලු වෙනත් වැරදි සම්බන්ධව පුද්ගලයින් 3,595 දෙනෙක් සඳහාද නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහාත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපය මර්දනය කිරීම සඳහා මෙන්ම රට තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඉදිරියටද අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවය.