ඉන්දු - බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාකච්ඡා සාර්ථක වෙයි 
සයුරෙන් එතෙර

ඉන්දු - බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාකච්ඡා සාර්ථක වෙයි 

July 25, 2025   06:33 am

වසර 03ක් පැවැති සාකච්ඡා සාර්ථක කරමින් ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී බ්‍රිතාන්‍යයේ දෙදින නිල සංචාරයක නිරතවී තිබූ පසුබිමකය.

එහි ප්‍රතිඵලයක් ලෙස රෙදිපිළි සිට මෝටර් රථ දක්වා භාණ්ඩ සඳහා තීරුබදු කපා හැරීම සහ ව්‍යාපාර සඳහා වැඩි වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාදීම සිදුකෙරෙනු ඇත.

සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සහ එරට ව්‍යාපාරික ප්‍රජාව සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.