කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී ව්‍යර්ථවූ වෙඩිල්ල
July 20, 2025 08:17 pm
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකිරීමට සැලසුම් කළ වෙඩි තැබීමක් ව්‍යර්ථවී තිබේ.
වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගේ ඉලක්කය වී තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයාවන අපරාධ රැසකට සම්බන්ධ දෙමටගොඩ රුවන් නමැත්තාය.
කෙසේවෙතත් දෙමටගොඩ රුවන් නමැත්තා නිතර පැමිණෙන මෙම සමාජ ශාලාවට ඊයේ ඔහුට පැමිණීමට මදක් ප්‍රමාදවී ඇති බව වාර්තා වේ.
දෙමටගොඩ රුවන් පැමිණ ඇත්දැයි බැලීම සඳහා වෙඩික්කරු සමාජ ශාලාවට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී එහි මුරකරු හා වෙඩික්කරු අතර බහින්බස්වීමක් සිදුව තිබේ.
එම අවස්ථාවේදී වෙඩික්කරු ගිනිඅවිය එම ස්ථානයේ දමා පැදිකරු සමඟ පලාගොස් ඇත්තේ යතුරුපැදිය ද එම ස්ථානයේම තිබියදීය.
අදාළ ටී56 ගිනි අවිය සහ යතුරුපැදිය අද පොලිස් භාරයටගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ප්‍රමුඛ එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.