නීති විරෝධීව ගෙන ආ වියළි ඉඟුරු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
July 20, 2025 01:55 pm
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව නොරොච්චෝලේ සංජීතවත්ත ප්‍රදේශයේදී ඊයේ (19) සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
එම සැකකරු සහ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.