ගසක අත්තක් කඩාවැටී අයෙක් මරුට
July 19, 2025 03:56 pm
මස්කෙළිය බ්‍රවුන්සික් වතුයාය ප්‍රදේශයේදී ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පැවති තද සුළං තත්ත්වය හමුවේ මෙම අනතුර සිදුව ඇති අතර කඩා වැටුණු අත්තට යටවූ අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.
දර රැගෙන ඒමට තේ වත්තට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.