80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
July 18, 2025 10:03 pm
හම්බන්තොට මහාධිකරණය විසින් 80 හැවිරිදි කාන්තාවකට පනවා තිබූ මරණ දඬුවමක් අභියාචනාධිකරණය විසින් අද (18) බල රහිත කර තිබේ.
1993 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණයේදී නඩු පවරා තිබුණි.
අදාළ නඩුව හම්බන්තොට මහාධිකරණයෙදී විභාග වූ අවස්ථාවේදී පසුගිය 2023 වසරේදී හම්බන්තොට මහාධිකරණය විසින් ඇයට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.
මීට එරෙහිව ඇය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
එහිදී අභියාචනාධිකරණය පෙන්වා දී ඇත්තේ ඇයට එරෙහිව ලබා දී ඇති සාක්ෂි පරස්පර තා ඇති බවත් සාක්ෂිවල විෂමතා ඇති බවත්ය.
ඒ අනුව මරණ දඩුවම තහවුරු කළ නොහැකි බැවින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.