ප්‍රදේශ කිහිපයකට තද වැසි
July 18, 2025 04:41 pm
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වෙයි.
එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු - මැද පළාත්වල පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන් වේ.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.