පළාත් පාලන ඡන්ද විමසීම 2025 - සජීවී ප්‍රතිඵල විකාශය ඇරඹෙයි
May 6, 2025 06:02 pm
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව 'SRI LANKA DECIDES ELECTION NIGHT' සජීවී ප්‍රතිඵල විකාශය මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීමේ සියලු තොරතුරු අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වා, එසැණින් ගෙන ඒමට දෙරණ මාධ්‍ය ජාලය මේ වන විට සියල්ල සූදානම් කර ඇත.
මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමඟින් ඔබ වෙත ගෙන ඒමට නියමිතව ඇත්තේ 'SRI LANKA DECIDES ELECTION NIGHT' විශේෂ ප්‍රතිඵල විකාශය ඔස්සේය.
ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී FM දෙරණ, WWW.ADADERANA.LK වෙබ් අඩවිය , අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම මැතිවරණයේ සියලු යාවත්කාලීන තොරතුරු ගෙන ඒමට නියමිත අතරම අද දෙරණ FACEBOOK, YOUTUBE, TIKTOK සහ X අවකාශය ඔස්සේද මැතිවරණයේ නිල ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්.