මිලිමීටර් 150කට වඩා වැඩි ඉතා තද වැස්සක්
November 23, 2024 05:28 pm
දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (23) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (24) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී තිබේ.
එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25වන දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.