කැලණි ගඟේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් 

කැලණි ගඟේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් 

November 1, 2024   07:15 am

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී තිබුණේ ඊයේ (31) සවස් කාලයේදී ය. 

මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇත. මුහුණ පුරා රැවුල වවා තිබේ.

සිද්ධිය ගැන පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.