ආණ්ඩුවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට ගම්මන්පිල සැරසෙයි

ආණ්ඩුවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට ගම්මන්පිල සැරසෙයි

October 30, 2024   11:30 am

නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ඒ මහතා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය ගැන පර්යේෂණ වාර්තාවකින් චූදිතයින් ලෙස නම්කර සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව පළමු මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බවය.

"ඉවත් කිරීම නොකරන නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ හෘද ශාක්ෂිය... නීතියේ ආධිපත්‍ය පිහිටවනවා කියලා, හිටපු ජනාධිපතිවරු නීතිය අයුතු ලෙස භාවිත කරනවා කියලා විවේචන කළ මාලිමාව තමන්ගේ මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දන්වන්න අපි මහජන පෙත්සමක් අත්සන් කරන්න බලාපොරෝතු වෙනවා. සෑම තැනකමට ගිහිල්ලා. මහපාරේ, වැඩබිමේ, ගොවිපොළේ සෑම තැනම ජනතාවගේ හෘද සාක්ෂිය නැත්නම් ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන පිළිකුල පෙත්සමකට ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා."