ජනතාව අපේක්ෂා කළ වෙනස කරන හැටි දිලිත් කියයි

ජනතාව අපේක්ෂා කළ වෙනස කරන හැටි දිලිත් කියයි

October 29, 2024   02:06 pm

ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් රටට අහිතකර කළ නොහැකි දෑ ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතු බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

පොල්පිතිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා.

"දැන් ඔබට වැදගත් වන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා පොරොන්දු ගොඩක් දීපු පිටු 260කින් යුක්ත පොතක් ඔහු ඉදිරිපත් කරලා. දැන් ඒ පොත ඔහු ගාව තියෙනවා. ඔය පොතේ තියෙනවා 230 වැනි පිටුව මේ රට නිරාගමික කරන පිටුව. මේ රටේ රණවිරුවන් දංගෙඩියට ගෙනියන විදිහත් ඔය පොතේ තියෙනවා. එතකොට අපි කියනවා අපේ අනුර කුමාර මිත්‍රයාට ඕක දාන්න කියලා හාමු මහත්තයා කිව්වාට, ඔබ දැම්මාට ඕක දැන් කරන්න ඕනේ නෑ ඔබට තියෙනවා විපක්ෂයේ සහයෝගය බය වෙන්න එපා අනුර අපි ඔක්කොම එකට හිටගමු. අනුර කුමාර ජනාධිපතිතුමාට එතුමා දන්නවා දවස් 30කට වැඩිය පොත අල්ලගෙන ඉන්න බැහැ කියලා. එතුමා දැම්මා කඨින පිංකම තියෙන පෝය දවසට ඡන්දේ. ව්‍යවස්ථානුකූලව හරිනම් ඡන්දේ වැටෙන්නේ පෝයට. ව්‍යවස්ථාවත් කඩලා, ලංකාවේ තියෙන උත්තරීතරම නීතියත් කඩලා ඡන්දේ ගෙනාවා දවසක් කලින්. කාල බෝම්බය සෙට් කරලා තියෙන්නේ දින 30ට. ඊට පස්සේ ඡන්දේ තිබ්බොත් ලොවෙත් නැති වෙන්න පරාජය වෙනවා. ඒක නිසා තමයි මේ හදිසියේ මේ ඡන්දේ තියන්නේ."

මේ අතර සර්වජන බලයේ දෙවුන්දර, අකුරැස්ස, මාතර හා දෙණියාය ආසන සඳහා සංවිධායකවරු පත් කිරීම අද (29) පෙරවරුවේ පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේදී සිදු කෙරිණි.

එහිදි අදහස් දක්වමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේ ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කිරීමට සර්වජන බලයට හැකියාව ඇති බවය.