රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්
October 29, 2024 12:25 pm
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය විසින් මේ සම්බන්ධව මුදල් තිබේදැයි නිරීක්ෂණයක් පවා සිදුකර නොමැති බවයි.
"ජනවාරි සිට උදය ආර් සෙනෙවිරත්න මහතාගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. මුදල් තියෙනවාද නැද්ද කියලා නිරීක්ෂණවත් අරගෙන නැහැ. කැබිනට් මණ්ඩලය තීන්දු ගන්න පුළුවන් හැබැයි දෙන්න ක්‍රමයක් නැහැ. ඉතිං ඒ වගේ තමයි රුපියල් 5000. ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳලා රුපියල් 10,000කින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න ගිය ආණ්ඩුව තීරණයක් ගත්තා. අප්‍රේල් මාසේ දක්වා වෙච්ච හිඟ මුදල ඔක්තෝබර් ඉඳලා දෙනවා කියලා කිව්වා. හැබැයි අප්‍රේල්වල ඉඳලා 10,000ම වැටුපට ලැබුණා. අර හිඟ මුදල ලබා දෙන්න තීන්දුවක් අරගෙන නැහැ. ඒ අතරතුරේදී ඕවා කියන ගමන් 2024 ජනවාරි 10 වැනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනා සහ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අයකිරීම සංශෝධනය කිරීම. මේකේ ඉතා පැහැදිලිව චක්‍රලේඛනයේ තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ සඳහන් කරලා 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 ජනවාරි සිය මාර්තු තෙක් මාසිකව රුපියල් 5000 බැගින් මාසිකව ගෙවා අවසන් කිරීම. මෙන්න චක්‍රලේඛය. එතකොට රටට කියුවේ අමූලික බොරුවක්. ඒ නිසා අපි පැහැදිළිව රාජ්‍ය සේවකයින්ට කියනවා අපි කවදාවත් ඔබව රවට්ටන්නේ නෑ 2025 සිට රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කිරීමක් කරනවා ඒ සහතිකය ඔබට දෙනවා හැබැයි කොයිතරම් ප්‍රමාණයකින්ද කියලා දැන්ම කියන්න අමාරුයි"