නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්?
October 28, 2024 09:40 pm
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ප්‍රතියෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස 6.6ක් වන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කඩිනමින් ප්‍රතියෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මේ අතර මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සියයට 30ත් 35ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බව විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ගත වු මාස 9ක කාලය තුළ අධික ලාභයක් ලබා ඇති බැවින් විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංජීව ධම්මික මහතා පැවසීය.