මාස 10කට පසු යාල්දේවි අද කන්කසන්තුරයට

මාස 10කට පසු යාල්දේවි අද කන්කසන්තුරයට

October 28, 2024   09:43 am

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ වුණි.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා දුම්රිය මාර්ගය වසා තැබුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, නවීකරණ කටයුතු අවසන් වීමත් සමඟ යාල්දේවි සහ රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කළ බවය.

ඒ, මාස 10කට පසුවයි. ඒ පිළිබඳ අදහස් දැක්වු මගීන්,

"යාපනය, අනුරාධපුරය යන අයට ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්."

"ඇත්තටම සතුටුයි. ආපහු තල්අරණට කෝච්චියේ යන එක. අපිටත් පහසුයි. ආරක්ෂාවයි. විශේෂයෙන්ම අපි වගේ කාන්තාවන්ට."

"පළවෙනි දවසේ දරුවෝ එක්ක ආසාවට යන්නේ..."

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවි දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරය අතරත්, රජරට රැජින දුම්රිය කොළඹ කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බවය.