රටට ප්‍රබුද්ධ දේශපාලනයක් අවශ්‍යයි - දිලිත්

රටට ප්‍රබුද්ධ දේශපාලනයක් අවශ්‍යයි - දිලිත්

October 27, 2024   12:21 pm

මෙරට සංස්කෘතියට හා වත්පිළිවෙත්වලට සංවේදි වෙමින් තීන්දු තීරණ ගන්නා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

බියගම පැවති සර්වජන බලයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මෙවර මැතිවරණය යොදා තිබෙන්නේ 14 වැනිදා. 15 වෙනිදාට පෝය. ඉතිං අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් මේ අපේ සංස්කෘතියට සංවේදී වෙන්න කියලා. අපේ සභ්‍යත්වයට සංවේදී වෙන්න, අපේ වත්පිළිවෙත්වලට සංවේදී වෙන්න. දැනටමත් ව්‍යවස්ථාවට විරෝධීව තමයි ඡන්දය පවත්වන්නේ එක දවසක් අඩුයි. ඒකත් නිවැරදි කරලා තව දවසක් දෙකක් කල් දාලා කඨින පිංකමට හානියක් නොවන ලෙස ඡන්දය නැවත තියන්න කියලාත් ආරාධනා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා."

මේ අතර සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානාත්වයෙන් තවත් ජන හමුවක් පැවැත්වුණේ පැපිලිවෙල ප්‍රදේශයේදීයි.

"ලංකාවේ පළවෙනි වතාවට සුළුතර ඡන්දයකින් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඊට වඩා විශාල ප්‍රමාණයක් එළියේ ඔහුට විරුද්ධව ඉන්නවා. ඉතිං ඒ නිසා අපි ඔවුන්ට නායකත්වය දෙන්න ඕනේ. විපක්ෂය කියන්නේ, විපක්ෂනායක කියන්නේ ඒ සෙසු ජනතාවගේ ආණ්ඩුව ඉතිං අපිට ඕනේ ඒ ආණ්ඩුවට නායකත්වය දෙන්න. අපේ ප්‍රාර්ථනය වන්නේ මේ රටට ප්‍රබුද්ධ දේශපාලනයක් අවශ්‍යයි, මේ තාරුණ්‍යට අනුමත කරන්න පුළුවන් ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් අවශ්‍යයි. අපි කිසිවෙක් මේ දේශපාලනයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ. අපිට ඔබව ජීවත් කරන්නට පුළුවන් වෙන්න ඕනේ."