ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය

January 14, 2024   08:03 am

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක් වී ඇති බව ජාතික ජනබලවේගය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, වත්මන් පාලකයින්ගේ දුර්වලතා හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇත.

මේ අතර, ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

කෙසේ වෙතත් මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.