බංග්ලාදේශ කණ්ඩායමේ ප්රබල පුහුණුකරුවෙක් ඉවත් වෙයි
November 10, 2023 04:39 pm
බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්රිකානු හිටපු ක්රීඩක ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී බංග්ලාදේශ බලධාරීන් ඔහුට දන්වා තිබුණේ, ඔහු ගේ කොන්ත්රාත්තුව තවත් වසරක් සඳහා දීර්ඝ කරන බවයි.
ඔහු ඊට එකඟ වී තිබිණි.
නමුත් ඩොනල්ඩ් පවසන්නේ, ඔහු එම තීරණය වෙනස් කිරීමට තීරණය කළ බවයි.
සිය පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තමා එම තීරණය ගත් බව 57 හැවිරිදි ඩොනල්ඩ් පැවසීය.
මේ අතර, පසුගියදා පැවති ශ්රී ලංකා - බංග්ලාදේශ ලෝක කුසලාන තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ව Time Out ලෙස දවාගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ්, බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ව සහ කණ්ඩායමේ අනෙකුත් ක්රීඩකයන් ව විවේචනය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ගෙන් නිදහසට කරුණු විමසීමට බංග්ලාදේශ ක්රිකට් බලධාරීන් ඊයේ තීරණය කළේය.
ඊට දිනකට පසු, බංග්ලාදේශ කණ්ඩායම හා ඇති කොන්ත්රාත්තුව දීර්ඝ කර නොගැනීමට ඩොනල්ඩ් තීරණය කර තිබීම විශේෂත්වයකි.