සෞඛ්‍ය සේවා සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්
September 23, 2018 08:18 pm
ලෝක බැංකුවේ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්ත උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත් වීය.
මෙහිදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූවන්ට සම්මාන සහතික පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.
බෝනොවන රෝග පාලනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇති බවත් එහි සේවා කටයුතු ඉදිරි මාස 02 තුල ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ලෝක බැංකු නියෝජිතයින් එක් ව සිටියහ.