ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට බොහෝ අය චෝදනා කරනවා

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට බොහෝ අය චෝදනා කරනවා

September 8, 2018   12:34 pm

 

‍අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවිම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදී බොහෝ පිරිස් තමාට චෝදනා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපනයේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක නොකළ හොත් අප පසුගාමි ජාතියක් බවට පත්වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

කුරුණැගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවම්  මහතා මෙම අදහස් පල කළේය.