දිලිත් ගිහින් මෙල්බර්න්වල තිබ්බ කැක්කුම Sri Lanka

දිලිත් ගිහින් මෙල්බර්න්වල තිබ්බ කැක්කුම Sri Lanka

May 24, 2026   10:32 am

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ “කැක්කුම Sri Lanka - Mingle with Dilith” විශේෂ හමුව මෙල්බර්න් හී  Acacia Campus Theatre ශාලාවේදී පැවැත්විණි.

සර්වජන බලය සහ Melbourne Solidarity එක්ව සංවිධානය කළ මෙම හමුව සඳහා මෙල්බර්න් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටිහය.

මෙහිදී හමුව සඳහා එක්ව සිටි දිලිත් ජයවීර මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි විය. 

මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුරින් ජීවත් වුවද මෙරට වෙනුවෙන් හදවතින් බැඳී සිටින මෙල්බර්න් ශ්‍රී ලාංකිකයින් සමග රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය, ඉදිරි අභියෝග සහ ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩනැගීම සඳහා ඇති අවස්ථා පිළිබඳව දීර්ඝ අදහස් හුවමාරුවක්ද මෙහිදි සිදුවිණි.

මෙහිදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මව්බිම පිළිබඳ ඇති කැක්කුම, ආදරය සහ අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් දායක වීමට ඇති සූදානම දක්නට ලැබුණු අතර, ඔවුන්ගේ සහාය ඉදිරියේදීත් මව්බිම වෙනුවෙන් ශක්තියක් වන බවද අවධාරණය කෙරිණි.