වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

May 24, 2026   08:52 am

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළව ආධාර අනුබල දුන් අයෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වැනි දින ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

එම සිදුවීමට අදාළව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු ඊයේ (23) එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක් වූ තල්පේ හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඉදිරි විමර්ශන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරති.