ඉරානය සමග ගිවිසුමක් සාකච්ඡා කර ඇතැයි ට්‍රම්ප් කියයි

ඉරානය සමග ගිවිසුමක් සාකච්ඡා කර ඇතැයි ට්‍රම්ප් කියයි

May 24, 2026   06:50 am

ඉරානය සමග ගිවිසුමක් සඳහා බොහෝ දුරට සාකච්ඡා කර ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එම යෝජනාව සඳහා හෝමූස් සමුද්‍ර සන්දිය විවෘත කිරීමද ඇතුළත් වන බවද ඔහු පවසා ඇත.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධව සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා සාමයට අදාළ අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ අනෙකුත් රටවල නායකයින් සමග ඉතා හොඳ සංවාදයක් ඇති බවය.

එමෙන්ම ගනුදෙනුවේ අවසාන අංශ සහ විස්තර දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බවත් එය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහුගේ සටහනේ සඳහන්ව තිබේ.