රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට
December 7, 2025 10:57 am
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත්කර තිබේ.
ඊයේ පස්වරු 5.30 පමණ වන විට මෙම පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩලය පැවසුවේය.
ඒ අනුව මහියංගනය මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලට යලි විදුලි සැපයුම ලබාදී ඇති බව සඳහන් වේ.
අයහපත් කාලගුණයත් සමග එම සම්ප්‍රේෂණ මාර්ගවල සහ රැහැන් පද්ධතිවලට සිදුවු හානි හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම් සිදුව තිබුණි.
